ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ශතකයක් රැස්කළ තෙවැනි ක්‍රීඩිකාව බවට පත්වීමට හර්ෂිතා සමරවික්‍රම සමත් වූවා.
සත්කාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව බෙල්ෆාස්හිදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ඇය මෙම කඩයිම පසුකර ගියා.
පන්දු 120කින් ගොඩනැගුණු හර්ෂිතාගේ ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම අයර්ලන්ත සංචාරය සිදුකිරීමට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතකයක් රැස්කර තිබුණේ චමරි අතපත්තු පමණයි.
දෙරට අතර පළමු එක්දින තරගයේදී විශ්මි ගුණරත්න ශතකයක් රැස්කිරීමට සමත් වූවා.
කෙසේවෙතත් දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 15ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.
ඒ අනුව තරග 03කින් යුත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායමට හැකිවුණා.
මෙය අයර්ලන්තය හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ලැබූ පළමු එක්දින තරගාවලි පරාජය ලෙසින් වාර්තා අතරට එක්වුණා.
එමෙන්ම මෙම තරගාවලියට පෙර අයර්ලන්ත කාන්තා කණ්ඩායමක් හමුවේ ඔවුන් එකඳු එක්දින තරගයක් පරාජය වී තිබුණේ නැහැ.