Latest News

‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිතය ගැන ශ්‍රී ලංකා මහ බැංකුව කරන්න යන දේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව තුළ ‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිතය සහ නියාමනය පිළිබඳව අනාගතයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ඉහළ පෙළේ කමිටුවක් පත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට යෝජනා කර තිබෙනවා.

මෙම යෝජනාව ඇතුළත් ලිපියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත දැනටමත් යොමු කර ඇති අතර, ඊට රජයේ පාර්ශ්වයෙන් ද යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙමඟින් පිහිටුවීමට යෝජිත කමිටුවේ මූලික අපේක්ෂාව වන්නේ, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.

පසුගිය කාලය පුරාම මෙරට සමාජය තුළ ‘ක්‍රිප්ටෝ මුදල්’ පිළිබඳව පුළුල් කතාබහක් නිර්මාණය වූයේ, රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය වත්කම් ප්‍රකාශ මගින් තමන්ට ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ඇති බවට හෙළිදරව් කිරීමත් සමඟයි.

මේ පිළිබඳව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් මෙරට තුළ දැනට පවතින නීතියක් නොමැති බව අවධාරණය කළා.

World News

Send your contact Details Today