TikTokහි ඇල්ගොරිතමය ළමා ගිණුම්වලට අසභ්‍ය දර්ශන සහ අධික ලෙස ලිංගික අන්තර්ගතයන් නිර්දේශ කරන බව අනාවරණය වී තිබෙනවා.
ඒ මානව හිමිකම් ක්‍රියාකාරීන් කණ්ඩායමක් විසින් නිකුත් කරන ලද නව වාර්තාවකට අනුවයි.
පර්යේෂකයින් ව්‍යාජ ළමා ගිණුම් නිර්මාණය කර ආරක්ෂක සැකසුම් සක්‍රිය කර තිබියදීත්, අසභ්‍ය ලිංගික සෙවුම් යෝජනා (sexually explicit search suggestions) ලැබී තිබෙනවා.
යෝජිත සෙවුම් පද මගින් ලිංගිකත්වය පදනම් වූ වීඩියෝ ඇතුළු ලිංගික කරුණු වෙත යොමු වුණා.
කෙසේවෙතත් TikTok සමාජ මාධ්‍ය වේදිකාව පවසන්නේ, ඔවුන් ආරක්ෂිත සහ වයසට ගැළපෙන අත්දැකීම් ලබා දීම සඳහා කැපවී සිටින බවත් ගැටලුව දැන ගත් වහා ම අවශ්‍ය පියවර ගත් බවයි.
Global Witness යනු සාමාන්‍යයෙන් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡාවලට තාක්ෂණය බලපාන්නේ කෙසේ ද? යන්න විමර්ශනය කරන කණ්ඩායමක්.
මෙම වසරේ අප්‍රේල් මාසයේදී වෙනත් පර්යේෂණ සිදු කරන අතරතුර පර්යේෂකයන්ට මෙම ගැටලුව හමු වී තිබුණා.