Latest News

ජර්මනියේ ගුවන්තොටුපොළක් තාවකාලිකව වැසෙයි – හේතුව මෙන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපලට අයත් ගුවන් කලාපයට ආසන්නව ඩ්‍රෝන යානා දර්ශනය වීමත් සමඟ එම ගුවන්තොටුපල වසා දමා තිබෙනවා.

ජර්මනියේ මියුනිච් ගුවන්තොටුපල තාවකාලිකව වසාදැමීමත් සමඟ ගුවන් ගමන් රැසක් අවලංගු කෙරුණා.

ඉන් මගීන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ආරම්භ කර තිබූ ගුවන්ගමන් රැසක් අවට ගුවන්තොටුපල වෙත හරවා යැවීමට පියවර ගෙන තිබෙනවා.

ඩ්‍රෝන යානා පැමිණියේ කොහි සිටද යන්න මෙතෙක් හෙළිව නැහැ.

හඳුනා නොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් යුරෝපය පුරා ගුවන්තොටුපල කිහිපයක් පසුගිය දිනවලද වසා දැමීමට සිදු වුණා.

World News

Send your contact Details Today