Latest News

බංග්ලාදේශ අවාමි ලීගය, ජිනීවා හි විරෝධතාවයක

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අතරතුර අවාමි ලීගයේ සාමාජිකයින් ජිනීවාහි විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය යටතේ බංග්ලාදේශයේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනයන් ඉස්මතු කිරීම මෙම විරෝධතාවයේ අරමුණ වුණා.

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා දුරකථන ඇමතුමක් හරහා රැස්ව සිටි පිරිස ඇමතුවා.

ඝාතන, ස්ත්‍රී දූෂණ, බලහත්කාර අතුරුදහන් කිරීම්, ගිනි තැබීම් සහ ව්‍යාජ නඩු පැවරීම සම්බන්ධයෙන් රජය සම්බන්ධ බවට විරෝධතාකරුවන් චෝදනා කළා.

මුහම්මද් යූනුස් ඉල්ලා අස්වන ලෙස සහ ඔහුගේ නොබෙල් සාම ත්‍යාගය අවලංගු කරන ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.

World News

Send your contact Details Today