2026 පාපන්දු ලෝක කුසලාන තරග පවත්වන නගර සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෑතකදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට ෆීෆා (FIFA) බලධාරීන් ඊයේ (1) දැඩි ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ තරග පැවැත්වෙන සැන් ෆ්‍රැන්සිස්කෝ සහ සීටල් වැනි නගර “රැඩිකල් වාමාංශික උන්මත්තකයන් විසින් පාලනය වන” බැවින්, ඒවා ලෝක කුසලානය සඳහා “අවදානම් සහිත” යැයි හැඟේ නම්, තමන් එම තරග ඉවත් කරන බවයි.
එවැන්නක් කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයාට බලයක් නොමැති බව FIFA උප සභාපති සහ කොන්කැකාෆ් (Concacaf) සභාපති වික්ටර් මොන්ටග්ලියානි (Victor Montagliani) පවසා ඇත්තේ.
තරග නගර වෙනස් කිරීමේ ඕනෑම තීරණයක් ගත යුත්තේ FIFA විසින්ම මිස ජාතික නායකයෙකු විසින් නොවන බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.
එසේම පාපන්දුව සම්බන්ධ තීරණ FIFA විසින් ගනු ලබන බවත්, පාපන්දු ලෝක නායකයන්ට වඩා බලවත් බවත් FIFA බලධාරීන් අවධාරණය කර සිටිනවා.
2026 පාපන්දු ලෝක කුසලානය අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.