ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමඟ සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිත කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබා දෙන ණය මුදල් ද ඉන්දියානු රුපියල් මඟින් ලබාදීමට තීරණය කර තිබෙනවා.
කලාපයීය වෙළෙඳාමේදී අමෙරිකානු ඩොලරය මත යැපීම අවම කිරීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇති බව ඉන්දීය මහ බැංකුව ප්‍රකාශ කරනවා.
සිය ප්‍රමුඛ වෙළෙඳ හවුල්කරුවන් සඳහා නිල විනිමය අනුපාතයක් හඳුන්වාදීමට ද ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා.