ලන්ඩනයේ ටැවිස්ටොක් චතුරශ්‍රයේ පිහිටා ඇති මහත්මා ගාන්ධිගේ ප්‍රතිමාවට සඳුදා (29) සිදුවූ හානි කිරීමක් පිළිබඳ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැඩි කනස්සල්ල පළකර තිබෙනවා.
වාර්ෂික ගාන්ධි සැමරුම් උත්සවය ඔක්තෝබර් 02 වැනිදාට යෙදී ඇති පසුබිමක මෙම හානි කිරීම පිළිබඳ ඉන්දියාවේ දැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන්.
භාවනානුයෝගී ඉරියව්වකින් යුත් ගාන්ධිගේ මෙම ප්‍රතිමාවේ පාදම මත අසභ්‍ය සිතුවම් (Graffiti) ඇඳ තිබී සොයා ගැනීමත් සමග මෙම ගැටළුව නිර්මාණය වී තිබෙනවා.
ඉන්දීය බලධාරීන් පවසන්නේ හානි කිරීමේ ක්‍රියාව පිළිබඳව දේශීය බලධාරීන්ට දැනුම් දී ඇති බවයි.
ප්‍රතිමාව එහි මුල් තත්ත්වයට ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ද ඉන්දීය බලධාරීන් මැදිහත් වී සිටිනවා.