සිඩ්නි සිට ජොහැන්නස්බර්ග් දක්වා පියාසර කළ ගුවන් යානයක් ආපසු හැරවීමට සිදු වී තිබෙනවා.
ඒ අනුව එහි සිටි මගීන් 400 කට වැඩි පිරිසක් අද දින ආදේශක ගුවන් ගමනකට යොදවනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.
ක්වන්ටාස් A380 මගී ජෙට් යානය ගුවන් ගමනට පැය හතරහමාරක් ගතවී ටැස්මේනියාවේ දකුණට ඉහළින් ගමන් කළ අතර චන්ද්‍රිකා සන්නිවේදන දෝෂයක් හේතුවෙන් ඊයේ (30) රාත්‍රියේ සිඩ්නි වෙත ආපසු හරහා එනු ලැබුවා.
දෝෂය සම්බන්ධයෙන් කිසිදු mayday එකක් හෝ හදිසි ඇමතුමක් ලබා දී නොමැති බවද වාර්තා වනවා.
දෝෂයට හේතුව සෙවීම සඳහා ඉංජිනේරු කණ්ඩායමක් A380 යානය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටිනවා.
සියලුම මගීන්ට නවාතැන් පහසුකම් ලබා දී ඇති අතර අද පස්වරු 1 ට තවත් ගුවන් ගමනකින් ජොහැන්නස්බර්ග් වෙත ඔවුන්ගේ ගමන අවසන් කිරීමට නියමිතයි.
ක්වන්ටාස් ප්‍රකාශකයෙකු පැවසුවේ මගීන්ගේ ඉවසීම සහ අවබෝධය සඳහා ගුවන් සේවය සිය ස්තූති පළකරන බවයි.