Latest News

🏏ICC Women’s World Cup 2025: සිංහ ධේනුවන් සටනට පිවිසෙන පළමු දිනය අදයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භ වනවා.

තරගාවලියේ පළමු තරගයට එක් වන්නේ ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම්.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන්.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ නවසීලන්තය ඇතුළුව කණ්ඩායම් 8ක් මෙවර තරගාවලියට එක්වනවා.

නවි මුම්බායි, ගුවහාටි, විශාකාපට්නම්, ඉන්දෝර් සහ කොළඹ ආර්.ප්‍රේමදාස යන ක්‍රීඩාංගන කේන්ද්‍ර කර ගනිමින් තරගාවලියේ තරග ක්‍රියාත්මකයි.

මූලික වටයේ තරග 11ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

අද ආරම්භවන තරගාවලිය ලබන නොවැම්බර් 2වැනිදා දක්වා පැවැත්වෙනවා.

ගුවහාටිහිදි අද පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගය මෙරට වෙලාවෙන් පස්වරු 3:00ට (යුරෝපා වේලාවෙන් උදෑසන 11:30ට) ආරම්භ වීමට නියමිතයි.

World News

Send your contact Details Today