Latest News

පාප්වහන්සේ අත්සන් කළ බේස් බෝලයක් වෙන්දේසි කිරීමට යයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

XIV වන ලියෝ පාප් වහන්සේ (Pope Leo XIV) විසින් අත්සන් කරන ලද ඉතා දුර්ලභ බේස් බෝලයක් මේ දිනවල වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙනවා.

මෙය අමෙරිකානු ඩොලර් දහස් ගණනක මුදලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙම බේස් බෝලය පාප් වහන්සේ විසින් අත්සන් කර ඇත්තේ රැන්ඩි එල්. කැප්ලාන් (Randy L. Kaplan) නම් පුද්ගලයෙකු වෙනුවෙන්.

කැප්ලාන් දශක ගණනාවක් තිස්සේ ලෝක නායකයින්ගේ සහ ප්‍රමුඛ පුද්ගලයින්ගේ අත්සන් බේස්බෝල මත එකතු කරන ප්‍රසිද්ධ එකතු කරන්නෙක්.

පාප් වහන්සේ චිකාගෝ වයිට් සොක්ස් (Chicago White Sox) බේස්බෝල් කණ්ඩායමේ විශාල රසිකයෙක් බවයි සඳහන් වන්නේ.

ඒ බව සනාථ කරමින්, කැප්ලාන් විසින් උන්වහන්සේට එම කණ්ඩායමේ තොප්පි දෙකක් යවා ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් පාප් වහන්සේ මෙම බේස්බෝලය අත්සන් කර යවා තිබෙනවා.

RR Auction ආයතනය මඟින් පවත්වනු ලබන මෙම වෙන්දේසිය සඳහා දින කිහිපයක් තුළ ලැබී ඇති ලංසු 12ක් හේතුවෙන්, දැනට එහි වටිනාකම ඇ.ඩො. 3,000 (ශ්‍රී ලංකා රුපියල් 915,000ක් පමණ) ඉක්මවා ඇතැයි වාර්තා වනවා.

මීට පෙර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ (Pope Francis) විසින් අත්සන් කරන ලද බේස්බෝලයක් ඇ.ඩො. 18,750කට (ශ්‍රී ලංකා රුපියල් 5,718,750ක් පමණ) අලෙවි වූ බැවින්, මෙම බෝලයේ අවසන් ලංසුව තවත් ඉහළ යනු ඇතැයි අනුමාන කෙරෙනවා.

XIV වන ලියෝ පාප් වහන්සේගේ අත්සන සඳහා ද මේ දිනවල ඉහළ ඉල්ලුමක් පවතිනවා. උදාහරණයක් ලෙස මීට සති කිහිපයකට පෙර පුණ්‍යායතන වෙන්දේසියක් සඳහා BMW වර්ගයේ යතුරුපැදියකට (BMW R 18 Transcontinental) ද උන්වහන්සේ අත්සන් තබා තිබෙනවා.

මෙම වෙන්දේසිය ඔක්තෝබර් 08 වන දින අවසන් වීමට නියමිතයි.

World News

Send your contact Details Today