ඔක්තෝබර් අග දී වතිකානුවේ රාජ්‍ය සංචාරයක කොටසක් ලෙස III වන චාල්ස් රජු සහ කැමිලා රැජින, XIV වන ලියෝ පාප් වහන්සේ හමුවන බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මේ වසර මුලදී ඉතාලියේ දින හතරක සංචාරයක් අතරතුර සැලසුම් කර තිබූ පෙර සංචාරය, ලියෝගේ පූර්වගාමියා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කල් දැමීමෙන් පසුව රාජකීය සංචාරය නැවත සංශෝධනය කළ බවයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම ඉදිරි සංචාරය හරහා කතෝලික පල්ලිය සහ චාල්ස් රජු උත්තරීතර ආණ්ඩුකාරයා වන එංගලන්ත පල්ලිය අතර මිත්‍රශීලී සබඳතා අවධාරණය කරන බව බකිංහැම් මාලිගය පවසා තිබෙනවා.
කෙසේවෙතත් සෑම වසර 25 කට වරක් රෝමයේ සිදුවන ශුද්ධ සිදුවීමක් වන වතිකානුවේ ජුබිලි වර්ෂය තුළ සිදුවන සංචාරය සඳහා කිසිදු විස්තරයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.