Latest News

🏏 ASIA CUP 2025 | FINAL | IND vs PAK: Cup එකක් නොමැතිව ඉන්දියාව ජය සමරයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ආසියානු කුසලන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඊයේ (28) රාත්‍රියේ සමත් වුණා.

ඒ, ඩුබායි හිදී පැවති අවසන් මහා තරගයේ දී පාකිස්ථාන කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්.

මෙවර තරගාවලියේ දී අපරාජිතව ශුරතාවය දිනාගැනීමට ඉන්දියවට හැකියාව හිමිවීම විශේෂත්වයක් වන අතර, මෙවර තරගාවලිය තුළ පාකිස්ථානය ඉන්දීය කණ්ඩායම හමුවේ අවස්ථා තුනක දී පරාජයට පත්වීම ද විශේෂත්වයක්.

මේ අතර මෙවර තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියූ ඉන්දීය කණ්ඩායම ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී ශූරයින් වෙනුවෙන් හිමිවන ආසියානු කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, තරගයෙන් පසු පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී කුසලානය පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා අතින් ලබාගැනීමට තිබීම හේතුවෙන්.

මේ හේතුවෙන් ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානය නොමැතිව ජයග්‍රහණය සමරන ආකාරය දැකගත හැකි වුණා.

World News

Send your contact Details Today