ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරගය අද රාත්‍රියේ පැවැත්වෙනවා.
ඒ ඉන්දීය කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතරයි.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08:00 ට (යුරෝපීය වේලාවෙන් පස්වරු 05:00) ට ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව වසර 40කට අධික ඉතිහාසයක් ඇති ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරගයකදී ඉන්දියාව සහ පාකිස්තානය ප්‍රථම වරට මුණ ගැසෙනු ඇති.
ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වාර ගණනකදී අවසන් මහා තරගයට පිවිස ඇත්තේ ශ්‍රී ලංකාවයි. එම සංඛ්‍යාව 13ක්.
ඉන් අවස්ථා 06කදී ශූරතාවත් අවස්ථා 07කදී අනුශූරතාවත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.
ඉන්දියාව පවා අවසන් මහා තරඟයකට පිවිස ඇත්තේ අවස්ථා 11කදී පමණයි. ඉන් අවස්ථා 08කදී ඔවුන් ශූරතාව දිනාගෙන තිබෙනවා.