Latest News

24 Love Story සමඟ පුංචි තිර­යට එන සත්‍යා චතු­රං­ගනී

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ දින­වල ජාතික රූප­වා­හි­නියේ විකා­ශය වන 24 love story ටෙලි නිර්මා­ණයේ මෝටිගේ චරි­තය නිරූ­ප­ණය කරන්නේ පුංචි තිර­යට අලුත් මුහු­ණක්. ඇය නමින් සත්‍යා චතු­රං­ගනී. මෙවර සොඳුරු කතා­බහ ඇය සමයි…

මුලින්ම ඔයා ගැන කිව්වොත්?
මගේ ගම කුරු­ණෑ­ගල, මම අධ්‍යා­ප­නය ලැබුවේ ක්‍රිස්තු රාජ මහා විද්‍යා­ල­යෙන්. මගේ පවුලේ ඉන්නේ අම්මා සහ නංගියි. මම විවා­හ­කයි.

කොහො­මද කලා­වට සම්බන්ධ වෙන්නෙ?
මට වයස අවු­රුදු හතරේ සිටම නර්තන, රංගන, චිත්‍ර, සංගීත යන විෂ­ය­යන් සමඟ උන­න්දු­වෙන් කට­යුතු කළා. මුල් ආභා­ෂය මම ලැබුවේ සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­න­යක් තුළින්. පාසල් කාල­යේදී නාට්‍ය හා රංග ­ක­ලා­වට සම්බන්ධ වීමෙන් සහ සජීවි චිත්‍ර කලාව ඉගෙ­නී­මෙන් මගේ කලාව වර්ධ­නය වුණා. අද මම Graphite Pencil Artist සහ Graphic Designer කෙනෙක්. මගේ ජීවිතේ කලාවේ මුල් තැන චිත්‍ර කලා­වයි.

නිළි­යක් වෙන්න හිතුණේ කොයි කාලෙ ද?
කුඩා කාලයේ සිටම මම රංග­න­යට ආසා­වෙන් සිටියා. නමුත් ටෙලි සහ සිනමා රංග­නය පිළි­බ­ඳව ගැඹුරු ලෙස ඉගෙ­නීම 2022 දී ආරම්භ කළා. එහිදී මම නිළි­යක් ලෙස අලුත් ගම­නක් යන්න පටන් ගත්තා.

රංග­නය ගැන හැදෑ­රී­මක් කර­න­වද?
මම මුලින්ම වේදිකා නාට්‍යය සමඟ රංග­නය ආරම්භ කළා. මගේ මුල් ගුරුවරයා වූ ජෙරම් ඩි. සිල්වා මඟින් මාස හත­රක පුහු­ණු­වක් ලබා­ගත්තා. පසුව Athula Jayasinha ගේ Talent Studio හා මහේන්ද්‍ර පෙරේරා Academy සමඟ මාස හයක සම්බ­න්ධතා මඟින් ටෙලි සහ සිනමා රංග­නයේ කුස­ලතා වර්ධ­නය කළා.

මුල්ම නිර්මා­ණය මොකක් ද?
මගේ මුල්ම නිර්මා­ණය ‘සැප්තැ­ම්බර්‘ චිත්‍ර­ප­ට­යයි. එහි මගේ රංග­නය මට කුස­ලතා වැඩි දියුණු කිරී­මට සහ කැම­රා­වට මුහුණ දෙන්න අවශ්‍ය අත්දැ­කීම් ලබා දුන්නා. පසුව ‘ඇයි අපි සුදු ද?‘ නමින් ටෙලි­නා­ට්‍ය­ය­කට සම්බන්ධ වී ටෙලි­වි­ෂන් රංග­නයේ විශේෂ කුස­ලතා පෙන්නුවා.

මේ වෙද්දී නිර්මාණ කීය­කට අව­ස්ථාව ලැබු­ණද?
ඔව්, මම වේදිකා නාට්‍ය 2ක්, ටෙලි­නාට්‍ය 2ක් සහ සිනමා නිර්මාණ 6 සඳහා සහ­භාගී වුණා. මෙම සියලු නිර්මාණ මඟින් මට රංග­නයේ විවිධ චරිත සහ නිෂ්පා­දන අත්දැ­කීම් ලබා­ගැ­නී­මට හැකි වුණා.

24love story නිර්මා­ණයේ ඔබේ චරි­තය මොකක් ද?
මේ ටෙලි­නා­ට්‍යයේ මගේ චරි­තය මෝටි. මේ චරි­තය මට තියෙන්නේ නිරු­ක්ශාන් එක්ක. මේ නාට්‍යයේ එන උප චරි­ත­යක් තමයි මම නිරූප­ණය කරන්නේ.

වැඩි කැමැත්ත සින­මා­වට ද?
ඔව්, මගේ වැඩිම ආද­රය සහ කැමැත්ත සින­මා­ව­ටයි. ටෙලි නාට්‍යය තුළින් මට පුහු­ණුව, අත්දැ­කීම් සහ ප්‍රේක්ෂ­ක­යින් සමඟ සම්බන්ධ වීමට උදවු කළා. නමුත් සින­මාව මට කලා­ත්මක ගැඹු­රක්, චරි­තයේ සත්‍යය විදහා දැක්වී­මට සහ මගේ රංගන ශිල්පය තව තවත් වර්ධ­නය කිරී­මට උප­කාර කරන තැනක්.

ගෙද­රින් ලැබෙන සහ­යෝ­ගය කොහො­මද?
මට මගෙ පවුලෙ අය වගෙ ම ස්වාමි පුරු­ෂ­යා­ගෙන් කලා­වට හොඳ සහ­යෝ­ග­යක් තියෙ­නවා. ඒ හින්දා මට පෞද්ග­ලි­කව නිද­හ­සක් ලැබෙ­නවා. ඒ නිද­හස මඟින් මම ලස්සන නිර්මාණවලට සහ­භාගී වීමට, සහ මේ ක්ෂේත්‍රයේ නියැ­ළෙ­න්නට හැකි­යාව ලැබුණා.

ක්ෂේත්‍ර ‍ෙය් ඉන්න­කොට කට­කතා හැදෙ­න­වනේ. ඔයා ඒවට බයද?
මම කට­කතා වලට බය නැහැ. නමුත් ඒවා මඟින් මගේ චරි­තය පිළි­බඳ යම් දෙයක් කිය­වෙ­නවා නම්, ඒවා­ගෙන් පරි­ස්ස­මෙන්, වැරදි හදා­ගැ­නී­මට උත්සාහ කර­නවා. මට වැද­ගත් වන්නේ රංග­නයේ හැකි­යා­වන් වර්ධ­නය කර­ගැ­නීම පම­ණයි.

පෞද්ග­ලික ජීවිතේ තොර­තුරු මොන­වාද?
මම Iyengar Yoga සහ Martial Arts – Kyokushin පිළි­බඳ පුහු­ණු­වත් ලබ­නවා. The Film Force Action Academy හරහා screen fighting course එකක්ද කර­මින්, film/stage action sequences ආර­ක්ෂි­තව නිවැ­ර­දිව රඟ­පාන හැකි­යාව වර්ධ­නය කර­මින් ඉන්නෙ.

ඉදි­රි­යට එන්න තියෙන නිර්මාණ මොන­වාද?
ඉදි­රි­යට එන්න මම රඟපෑ චිත්‍ර­පට කිහි­ප­යක් තියෙ­නවා. ඒ අතර බුද්ධික ජය­ර­ත්නගේ ‘සැප්තැ­ම්බර්‘, සම්පත් ශ්‍රී රෝෂන්ගේ ‘එමිල්‘, ක්‍රිස් ඇන්ත­නිගේ ‘අන්ලොක්‘ යන චිත්‍ර­පට එන්න තියෙ­නවා.

අනා­ගත බලා­පො­රොත්තු මොන­වාද?
මගේ අනා­ගත බලා­පො­රොත්තු, කලා­ක­රු­වකු ලෙස මට ඇති හැකි­යා­වන් මඟින් රටේ කලා ක්ෂේත්‍ර­යට දායක වීමයි. නව දේවල් ඉගෙ­න­ගෙන, අලුත් නිර්මාණවලට සහ­භාගී වෙමින්, මගේ හැකි­යා­වන් වැඩි දියුණු කර­ගන්න බලා­පො­රොත්තු වෙනවා.

World News

Send your contact Details Today