Latest News

ඉන්දියා – රුසියා සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ සූදානමක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියා – රුසියා සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ සූදානමක් පවතිනවා.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දිමිත්‍රි පැට්‍රෂෙව් හමුවී දෙරටේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

ඒ රුසියා නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දිය සංචාරය අතරතුරදියී.

දෙරට අතර කෘෂිකර්මාන්තය, පොහොර සහ ආහාර සැකසීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව එහිදී අදහස් හුවමාරු කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ 23 වන ඉන්දියා රුසියා වාර්ෂික සමුළුව සඳහා රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ඉන්දියාවට පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බවයි.

World News

Send your contact Details Today