ඇපල් සමාගමෙහි Smart Watch Series 11 හි සදහන් ව ඇති high blood pressure හි පෙන්නුම් කෙරෙන මිණුම් පිළිබඳ නිවැරදි විනිශ්චයක් ලබා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස සමාගම විසින් දැනුම් දී තිබෙනවා.
Smart Watch Series 11 හි සෞඛ්‍ය විශේෂාංග කිහිපයක් සදහන්ව ඇති අතර අධි රුධිර පීඩන අගය සටහන් වන්නේ heartbeat / light sensor සහ cuff-based monitor සම්බන්ද වීම හරහා බවයි ඇපල් සමාගම පෙන්වා දෙන්නේ.
නමුත් රුධිර පීඩනය ගණනය කරන සාම්ප්‍රදායික උපකරණය මෙන් නිවැරදි අගය ලබාදීම Apple Watch Series 11 හරහා සිදුනොකෙරෙන බව සමාගම පිළිගෙන තිබෙනවා.
Smart Watch Series 11 ඇති මෙම විශේෂාංගය මගින් අධිරුධිර පීඩනය සම්බන්දයෙන් මුල් අනතුරු සංඥා ක්‍රමයක් ලෙස භාවිතා කරන ලෙස සඳහන් කරන ඇපල් සමාගම පෙන්වා දෙන්නේ ලොව පුරා රුධිර පීඩන රෝගීන් 1.3 බිලියනයකට අධිකව වාර්තා වන අතර ඉන් බහුතරයක් තම රෝගය පිළිබඳ නොදැනුවත්කමින් පසුවන බවයි.
Apple Watch Series 11 එකෙන් නිවැරදි blood pressure numbers ලබාගත නොහැකි වුවද එය නිවැරදිව ක්‍රියාකරන අතර පුද්ගලයාගේ වයස, වැඩ කිරීම් සහ හැඩතලය අනුව අගයන් වෙනස් වියහැකි බවද ඇපල් සමාගම සඳහන් කරනවා.