න්‍යෂ්ටික අවි පාලනය නොකළහොත් සහ යුධ යාන්ත්‍රණයට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම පාලනය නොකළ හොත් අනාගතයේදී සීමාවක් නොමැතිව සිවිල් ජනතාවට වන්දි ගෙවීමට සිදුවන බව විදේශ අමාත්‍ය පෙනී වොන්ග් සඳහන් කරනවා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සභාවකදී අමාත්‍යවරිය මේ පිළිබඳව අවදාරණය කර සිටියා.
ඇය වැඩිදුරටත් සදහන් කළේ යුධ ක්ෂේත්‍රය සහ න්‍යෂ්ටික අවි භාවිතය මිනිස් පාලනය යටතේ පවත්වා නොගත්හොත් අනාගතයේදී හොලිවුඩ් ප්‍රබන්ධ සිනමාපට වල ඇති අකාරයෙන්ම බිහිසුණු දේ සදහා මිනිසුන් මැඳි වන බවයි.
තවද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ කාර්යභාරය පවා AI තර්ජන වලින් අවුල් විය හැකි බව අමාත්‍යවරිය පෙන්වා දුන්නා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මහාචාර්ය ටෝබි වොල්ෂ් ද මේ පිළිබඳව අදහස් දැක් වූ අතර න්‍යෂ්ටික අවි භාවිතයේ තීරණ AI පද්ධතිට නොදෙන ලෙස නීතිමය ගිවිසුම් සකස් කළ යුතු බව අවදාරණය කළා.
එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, චීනය සහ රුසියාව යන රටවල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් වන අතර ඔස්ට්‍රේලියාවද එහි සාමාජිකත්වය ලබා ගැනීමට උත්සහ කරන බව පෙනී වොන්ග් ප්‍රකාශ කර සිටියා.