Latest News

ෆර්හාන්ගේ අමුතු සැමරුමට ICC යෙන් අනතුරු ඇඟවීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති තරගවලදී සිදුවූ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් දැඩි පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකුට එරෙහිවද ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

සාහිබ්සාදා ෆර්හාන් (Sahibzada Farhan) අර්ධ ශතකයක් ලබා ගැනීමෙන් පසු තුවක්කුවක් පෙන්වන අභිනයකින් ජය සැමරීම හේතුවෙන් ඔහුට අනතුරු ඇඟවීමක් (reprimand) නිකුත් කර තිබෙනවා.

එසේම ගුවන් යානයක් බිම හෙළන අභිනයන් පෙන්වූ හරීස් රවුෆ් (Haris Rauf) සම්බන්ධයෙන්ද විනය ක්‍රියාමාර්ග ගැනීම තවදුරටත් සිදුවෙමින් පවතින අතර, ඔහුට නියම කරන දඬුවම් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

මේ අතර ඉන්දීය T20I නායක සූර්යකුමාර් යාදව් (Suryakumar Yadav) හට සැප්තැම්බර් 14 වැනිදා කළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 30% ක දඩයක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today