Latest News

සංගක්කාර නැවතත් Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර නැවත පත් කර තිබෙනවා.

ESPNcricinfo වාර්තා කළේ, රාහුල් ඩ්‍රාවිඩ් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමෙන් පසු හිස් වූ තනතුර සංගක්කාර විසින් පුරවනු ඇති බවයි.

2021 වසරේ සිට සංගක්කාර, රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සමග එක් වූ අතර එහි ක්‍රිකට් අධ්‍යක්ෂ සහ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළා.

ඔහුගේ අධීක්ෂණය යටතේ IPL තරගාවලියේදී සංජු සැම්සන්ගේ නායකත්වයෙන් යුත් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට වාර හතරකදී දෙවරක් playoffs වටයට පිවිසීමට ද හැකිවුණා.

2026 වසරේ IPL තරඟ වාරය සඳහා දැනටමත් සැලසුම් ආරම්භ කර ඇති අතර සංගක්කාර විසින් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ශක්තිමත්ව මෙහෙයවනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.

World News

Send your contact Details Today