Latest News

රජයෙන් නොමිලේ දුන් කෑම, ළමුන්ට විස වෙයි – දහසකට අධික සංඛ්‍යාවක් රෝහල්ගත කරයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දුනීසියාවේ රජය මගින් නොමිලේ ලබාදෙන දිවා ආහාරය විසවීමෙන් පාසල් දරුවන් දහසකට අධික සංඛ්‍යාවක් හදිසියේ රෝගාතූර වී රෝහල්ගත කර තිබෙනවා.

පාසල් දරුවන්ට නොමිලයේ දිවා ආහාරය ලබාදීම සඳහා එරට ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ විසින් ආරම්භ කරනු ලැබූ ඩොලර් බිලියන ගණනාවක ව්‍යාපෘතියේ මහ පරිමාණ ආහාර විසවීමක් සිදුවූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

බටහිර ජාවා දූපත් හි ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන යුයූන් සරිහොටිමා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සඳුදා සිට බදාදා දක්වා දින තුනක් ඇතුළත දිවා ආහාරය විසවීමෙන් පාසල් දරුවන් 1171 දෙනකු රෝගාතූර වූ බවයි.

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතුව ආරම්භ කළ නොමිලේ දිවා ආහාරය ලබාදීමේ ව්‍යාපෘතිය මගින් පාසල් දරුවන් මිලියන 80කට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙන අතර, පසුගිය කාලය ඇතුළත එරට පළාත් රැසකදී එවැනි ආහාර විසවීමේ සිදුවීම් වාර්තා වූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

World News

Send your contact Details Today