ආසියානු කුසලාන තරග ඉතිහාසයේ පළමුවරට ඉන්දියාව සහ පාකිස්ථානය අවසන් මහා තරගයක් වෙනුවෙන් මෙවර සුදුසුකම් සුදුකම් ලබා තිබෙනවා.
ඒ, ඊයේ (25) රාත්‍රියේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 11කින් පරාජය කර පාකිස්ථානය අවසන් මහා තරගයට සුදුකම් ලබාගැනීමත් සමඟයි.
ඊයේ පැවති තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය කඩුලු 08ක් දැවී ලකුණු 135ක් රැස්කළ අතර ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 09ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 124ක් පමණයි.
මෙවර තරගාවලියේ සුපිරි 04 වටයේ මුහුණ දුන් පළමු තරග දෙකම ජයගත් ඉන්දියාව කල්වේලා ඇතිවම අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගත්තා.
වසර 41ක ඉතිහාසයක් ඇති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ, මෙලෙස ඉන්දියාව සහ පාකිස්ථානය අවසන් මහා තරගයකට සුදුකම් ලැබීමත් සමඟ මෙවර අවසන් මහා තරගය ඉතා උණුසුම්වනු ඇති බවයි ක්‍රිකට් ව්චාරකයින් මත පළ කරන්නේ.
මේ අතර ඉන්දියාව ආසියානු කුසලාන 08කට හිමිකම් කියන අතර, පාකිස්තානය දෙවරක් ආසියානු කුසලානය ජයග්‍රහණය කර තිබෙනවා.
මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගය ලබන ඉරිදා (28) ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.