තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට බලපා ඇති සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම සුළි කුණාටුවත් සමග සිදු වූ ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 33 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
“රාගසා” නම් මෙම සුළි කුණාටුව ඊයේ තායිවානයට කඩා වැදුණු අතර එහි බලපෑමෙන් මේ වනවිට හුවාලියන් ප්‍රාන්තයට තද වැසි ඇද හැලෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පැවසුවා.
මේ අතර මේ වසරේ ලොව බලවත්ම නිවර්තන සුළි කුණාටුව ලෙස සැලකෙන “රගසා” (Typhoon Ragasa) හොංකොං වෙත ළඟා වීමත් සමඟ නගරයේ ක්‍රියාකාරකම් මුළුමනින්ම පාහේ අඩපණ වී ඇති බව වාර්තා වනවා.
බලධාරීන් විසින් ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන “ටයිෆූන් සිග්නල් 10” නිකුත් කර ඇති අතර, ව්‍යාපාර සහ ප්‍රවාහන සේවා වසා දමන ලෙස ජනතාවට උපදෙස් දී තිබෙනවා.