ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (23) අබුඩාබිහි පැවැත්වෙන ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගයේ ප්‍රවේශ පත්‍රයක උපරිම මිල එක්සත් අරාබි ඩිරාම් 500ක් එනම් ශ්‍රී ලංකා රුපියල් හතළිස් දෙදහසක් පමණ වන බව වාර්තා වනවා.
මෙම තරගයේ ටිකට් පතක අවම මිල ඩිරාම් 330ක් එනම් ශ්‍රී ලංකා රුපියල් විසිහතර දහස් හත්සිය පනහක් පමණ වනු ඇති.
මේ ටිකට්පත් ‘ඔන්ලයින්’ ක්‍රමයට හා අබුඩාබි ෂෙයික් සයිඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විශේෂ කුටියකින් මිල දී ගැනීමේ අවස්ථා ක්‍රිකට් ලෝලීන්ට සලසා තිබෙනවා.
එළඹෙන 26 වැනිදා ඩුබායිහිදී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා තරගයේ ප්‍රවේශ පත්‍ර දෙකක උපරිම මිල එක්සත් අරාබි ඩිරාම් 66,000ක් එනම් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 54ක් පමණ වන බවයි වාර්තා වී ඇත්තේ.
මෙම විශේෂ ටිකට්පත් ‘ස්කයි බොක්ස්’ සඳහා වන අතර එය විශේෂ ප්‍රභූ පහසුකම් වලින් සමන්විත වෙනවා.
ශ්‍රී ලංකා – ඉන්දියා තරගයේ අඩුම ප්‍රවේශ පත්‍ර මිල එක්සත් අරාබි ඩිරාම් 85ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් හත්දහසක් පමණ වනු ඇති බවයි කියවෙන්නේ.
ඒ අනුව එක්සත් අරාබි ඩිරාම් 85 සිට ඩිරාම් 66,000ක් දක්වා විවිධ මිල ගණන් යටතේ ශ්‍රී ලංකා – ඉන්දියා තරගයේ ප්‍රවේශ පත්‍ර අලෙවි වන බවයි වාර්තා වී ඇත්තේ.