Latest News

ක්‍රිප්ට්‍රෝ මුදල් ඒකක පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කිසිඳු රාජ්‍ය මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික මට්ටමින් නිර්මාණය කරනු ලබන අතථ්‍ය මුදල් විශේෂයක් ලෙස ක්‍රිප්ටෝ මුදල් හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) වැනි දියුණු තාක්ෂණික ක්‍රමවේද මත මෙම ඩිජිටල් වත්කම් පදනම් වී ක්‍රියාත්මක වනවා.

සාමාන්‍ය භෞතික මුදල් මෙන් එදිනෙදා ගනුදෙනු සඳහා භාවිතයට නොගැනුන ද, අන්තර්ජාලය හරහා ගෙවීම් කිරීමේ හැකියාව මෙම ක්‍රිප්ටෝ මුදල් සතුව පවතිනවා.

කෙසේ වෙතත්, ඉතා ලාභදායී ආයෝජන මාර්ගයක් ලෙස ක්‍රිප්ටෝ මුදල් ප්‍රචලිත වුවද, එමගින් විශාල මූල්‍යමය පාඩු සිදු වූ බවට මෑතකාලීනව ලැබුණු පැමිණිලි මඟින් තහවුරු වී ඇති බව මහ බැංකුව නිරීක්ෂණය කර තිබෙනවා.

එමෙන්ම ඇතැම් වංචනික ක්‍රියාවන් සඳහා ද මේවා යොදාගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

අමෙරිකාව, එක්සත් රාජධානිය සහ ජපානය වැනි ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් යම් නියාමන ක්‍රමවේද හඳුන්වා දී ඇතත්, ශ්‍රී ලංකාව තුළ එවැනි නෛතික පිළිගැනීමක් හෝ නියාමන රාමුවක් ක්‍රියාත්මක වන්නේ නැහැ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස නොසලකන බවත්, ඒවායේ ආයෝජනය කිරීමේදී කිසිදු නියාමන ආරක්ෂාවක් හිමි නොවන බවත් මහ බැංකුව අවධාරණය කරනවා.

තවද, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද නියෝගයක් මගින්, ක්‍රිප්ටෝ මුදල් මිලදී ගැනීම සඳහා ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

මමඟින් රටේ ආර්ථිකයට කිසිදු දායකත්වයක් නොලැබෙන අතර, ජාතික මූල්‍ය පද්ධතියට අහිතකර බලපෑම් එල්ල කරමින් විදේශ විනිමය රටින් පිටතට ගලා යාමට හේතු විය හැකි බවද මහ බැංකුව පෙන්වා දෙනවා.

මීට පෙර අවස්ථාවකදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “ලංකාව තුළ ක්‍රිප්ටෝකරන්සි භාවිතය නීත්‍යනුකූල නොවන” බව පැහැදිලිව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකය රුපියල පමණක් වන බවත්, නීති විරෝධී කටයුතු සඳහා ක්‍රිප්ටෝ මුදල් බහුලව භාවිත වන බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today