අවුරුදු 16ට අඩු දරුවන්, වැඩිහිටි ගිණුම් භාවිතය සහ ව්‍යාජ වයස් යොදාගෙන Instagram භාවිත කිරීම වැළැක්වීමට Meta විසින් නව AI තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා.
එය එළඹෙන සදුදා සිට ක්‍රියාත්මක වන අතර ඇමරිකාවේද අත්හදා ඇති මෙම AI තාක්ෂණය සාර්ථක වී ඇති බවයි Meta සමාගම නිවේදනය කර සිටියේ.
නව AI තාක්ෂණය මගින් අවුරුදු 16ට අඩු යැයි හඳුනාගත් ගිණුම් Teen Account ලෙස හැඳින්වෙන විශේෂ ගිණුම් වර්ගයට මාරු කෙරෙනවා.
ඒ අනුව එම ගිණුම් මගින් සජීවී වීඩියෝ විකාශය කිරීමට නොහැකි වන අතර ඔවුන් following වී ඇති ගිණුම් වලින් පණිවිඩ එවීමද සීමා කර තිබෙනවා.
එමෙන්ම නිරුවත් සහ සංවේදී අන්තර්ගතයන් බොඳ කර පෙන්වන අතර සැම විටම ආරක්ෂිත පරිසරයක් ලබාදීමට එම ගිණුම් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් Meta සමාගම අවධාරණය කරන්නේ අන්තර්ජාලය හරහා වයස තහවුරු කිරීම App Store සහ Google Play මත රදා පවතින බවයි.
Meta හි ප්‍රතිපත්ති අධ්‍යක්ෂක Mia Garlick සඳහන් කළේ තරුණයින්ට ආරක්ෂිත සහ සුදුසු පරිසරයක් ලබාදීම Teen Account වල කාර්ය බවයි.
නව නීතිය යටතේ සමාගමට අවුරුදු 16ට අඩු ගිණුම් සොයා ඉවත් කිරීමට, අක්‍රීය කිරීමට, හෝ නව ගිණුම් සපයා නොදීමට අවසරය හිමි වනවා.