Latest News

Game නිසා ලිංගික බලපෑම්වලට ලක්වන දරුවන් ගැන අනාවරණයක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයේ දරුවන් මිලියන ගණනක් දිනපතා සෙල්ලම් කරන Roblox Game එකෙහි ඇති අවධානම් වලින් ආරක්ෂා වීම සදහා නව ආරක්ෂක මාර්ගගත නීති හඳුන්වා දී තිබෙනවා.

මෙම Game එක හරහා ඇතැම් දරුවන්ට ලිංගික පීඩන හා grooming අවදානම් ඇති ස්ථානයක් බවට හදුනා ගැණුනා.

Roblox Game තුළදී Chat මගින් මිතුරු වන වැඩිහිටි පුද්ගලයින් පසුව Discord, WhatsApp වැනි වෙනත් App වලට ගෙන ගොස්, ලිංගික කටයුතු සඳහා බලපෑම් කරන බවට දරුවන්ගෙන් පැමිණිලි ලැබී තිබෙනවා.

Parental Control දී ඇති අවස්ථාවලදීත් දරුවන් මෙවැනි අවදානම් වලට ලක්වී ඇති බව අණාවරණය වන බවයි එහිදී හෙළිවී ඇත්තේ.

ඒ් අනුව දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Roblox Game එක සදහා නව නීති ඇතුළත් කලළ බවයි ඔස්ට්‍රේලියාවේ eSafety කොමිෂන් සභාපති Julie Inman Grant පෙන්වා දෙන්නේ.

නව ආරක්ෂක මාර්ගගත නීති අනුව Age verification (ID/Face check) / Chat සහ Voice chat සීමා වයස අවුරුදු 13 සිට 15 දක්වා දරුවන්ට වැඩිහිටියන් සමග කතා කිරීමට මව්පියන්ගේ අවසර ගැනීම අනිවාර්ය වනවා.

Avatar detection model Game තුළ නීති උල්ලංඝනය කරන Sexual animations වැනි දේවල් Detect කිරීම සිදුවන අතර මේවා සම්පූර්ණ විසඳුමක් නොවුවද, හොඳ ආරම්භයක් බවයි eSafety කොමිෂන් සභාපතිවරයා පවසන්නේ.

මේ අතර දරුවන්ගේ Accounts පරීක්ෂා කර parental controls සකස් කරන ලෙස දෙමපියන්ට අවධාරණය කරන eSafety ආයතනය පෙන්වා දෙන්නේ ඒ් සදහා දෙමාපියන්ට දැඩි වගකීමක් ඇති බවයි.

දරුවන් join කරන ගේම් servers පිලිබද අවධානය යොමු කලයුතු අතර ඔවුන් “off-platform chat” වලට යන්නේ නම් අවදානමක් ඇති බවද eSafety ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

World News

Send your contact Details Today