Latest News

අමෙරිකාවෙන් විදේශ ශ්‍රමිකයන් සඳහා පැනවූ වීසා ගාස්තුවට ඉන්දියාවෙන් අනතුරු ඇඟවීමක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විදේශීය ශ්‍රමිකයින් සඳහා වන ්‍H-1B වීසා වැඩසටහනට අයදුම්කරුවන්ගෙන් වාර්ෂිකව ඩොලර් ලක්ෂයක ගාස්තුවක් එකතු කිරීමට අමෙරිකාව ගත් නව පියවර සම්බන්ධයෙන් ඉන්දියාව අනතුරු අඟවා තිබෙනවා.

ඊයේ (20) දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම ගාස්තුව පවුල්වලට සිදුවන බාධාව හේතුවෙන් මානුෂීය ප්‍රතිවිපාක ඇති කරන බවයි.

තවද මෙම බාධාවන් අමෙරිකානු බලධාරීන් විසින් සුදුසු පරිදි විසඳා ගත හැකි වනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බවයි එහි සඳහන් වන්නේ.

පුහුණු ශ්‍රමිකයන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් දෙරටටම අතිවිශාල දායකත්වයක් ලබා දී ඇති බවද එම ප්‍රකාශයේ සඳහන් වනවා.

ඉන්දීය රජයෙන් ලැබිය හැකි කිසිදු ප්‍රතිචාරයක් පිළිබඳව නිශ්චිත තොරතුරු එම ප්‍රකාශයේ සපයා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

H-1B වීසා වැඩසටහනේ වඩාත්ම කුසලතා ඇති වීසා බලපත්‍ර ලැබෙන්නේ ඉන්දියාවේ සේවකයින්ට වන අතර එය නිකුත් කරන ලද වීසාවලින් සියයට 70කටත් වඩා වැඩි ප්‍රමාණයක්.

ඇතැම් අමෙරිකානු තාක්ෂණික සමාගම් ්‍H-1B වීසා බලපත්‍ර ඇති සේවකයින්ට එක්සත් ජනපදයේ රැඳී සිටින ලෙස හෝ ඔවුන් රටින් බැහැරව සිටියේ නම් වහාම ආපසු ඒමට උත්සාහ කරන ලෙස උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

වත්මන් වීසා බලපත්‍ර හෝ අලුත් කිරීමේ අයදුම්පත් සඳහා ගාස්තුව අදාළ නොවන බව ඊයේ දින ධවල මන්දිරය පැහැදිලි කර තිබෙනවා.

මෙම නව වීසා බලපත්‍ර ගාස්තුව සම්බන්ධයෙන් විචාරකයින් පවසන්නේ මෙමගින් අමෙරිකානු ශ්‍රම බලකාය අඩු කරන බවයි.

බිලියනපතියෙකු වන එලොන් මස්ක් ඇතුළු ව්‍යාපාරිකයන් තර්ක කරන්නේ එය ලොව පුරා සිටින ඉහළම දක්ෂතා ආකර්ෂණය කර ගැනීමට එක්සත් ජනපදයට ඉඩ සලසන බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ මෙම නව ගාස්තුව අද (21) දින සිට ක්‍රියාත්මක වනවා.

World News

Send your contact Details Today