Latest News

🏏 ASIA CUP 2025 | Super 04: සිංහයන්ගේ පළමු සටන අදයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ආසියානු ක්‍රිකට් කුසලානයේ සුපිරි හතර වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් හතර සහ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ‘A’ කාණ්ඩයෙන් ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා ඇති අතර, ‘B’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශයයි.

මෙම වටයේදී කණ්ඩායම් හතර “round-robin” ක්‍රමයට අනුව එකිනෙකා සමඟ එක් වරක් බැගින් තරග වදිනු ඇති.

එම තරගවලින් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනවා.

කණ්ඩායම් දෙකක ලකුණු සම වූ අවස්ථාවකදී, ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (Net Run Rate) මත පදනම්ව අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය කිරීමට නියමිතයි.

ඒ අනුව අද (20) දිනයේදී සුපිරි හතර වටය බංගලාදේශය සහ ශ්‍රී ලංකාව තරගයෙන් ඩුබායිහිදී ආරම්භ වනවා.

ඒ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8:00 යි.

අනතුරුව සැප්තැම්බර් 21 වැනිදා ඉන්දියාව සහ පාකිස්තානය ඩුබායිහිදීත්, සැප්තැම්බර් 23 වැනිදා පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අබුඩාබිහිදීත් තරග කිරීමට නියමිතයි.

සැප්තැම්බර් 24 වැනිදා බංගලාදේශය සහ ඉන්දියාව ඩුබායිහිදී තරග වදින අතර, සැප්තැම්බර් 25 වැනිදා බංගලාදේශය සහ පාකිස්තානය ඩුබායිහිදී පැවැත්වෙනු ඇති.

එමෙන්ම සුපිරි හතර වටයේ අවසන් තරගය ලෙස සැප්තැම්බර් 26 වැනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඩුබායිහිදී තරග වැදීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් 28 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර සිය පියාගේ අභාවය හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය අතර මැද දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

දුනිත් අද (20) අලුයාම 03.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 649 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි බලා පිටත්ව ගිය බවයි WESL News ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා (18) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ සිය පියාට අවසන් ගෞරව දැක්වීමට දුනිත් වෙල්ලාලගේ ඊයේ (19) උදෑසන අබුඩාබි සිට දිවයිනට පැමිණියා.

ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ ද දිවයිනට පැමිණියා.

World News

Send your contact Details Today