Latest News

මීටර් 100 අලුත් ශුරයෝ දෙදෙනෙක් ලෝකයට බිහිවෙයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ටෝකියෝ හි පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඇමරිකාවේ මෙලිසා ජෙෆර්සන්-වුඩන් සහ ජැමෙයිකාවේ ඕබ්ලික් සෙවිල් විස්මයජනක පෙරළිකාර ජයග්‍රහණ ලබාගනිමින් නව ගෝලීය මීටර් 100 ශූරයන් දෙදෙනා ලෙස කිරුළු පැළඳුවා.

24 හැවිරිදි ජෙෆර්සන්-වුඩන්, කාන්තා අවසන් තරඟයේදී රන් පදක්කම දිනාගත්තේ ලෝක ශුරතා වාර්තාව ද අලුත් කර, තත්ත්පර 10.61කින් තරගය නිමාකරමින්.

ජපානයේ ජාතික ක්‍රීඩාංගණයේදී ඉන් මිනිත්තු 10 කටත් අඩු කාලයකට පසු, 24 හැවිරිදි සෙවිල්, තරගය නරඹමින් සිටි ලොව එතෙක් මෙතෙක් ⁣බිහි වූ විශිෂ්ටතම ධාවකයා ලෙස කිරුළු පැළඳි උසේන් බෝල්ට්ගෙන් පසු ලෝක ශූරතා මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කළ පළමු ජැමෙයිකානුවා බවට පත්වුණා.

තත්පර 9.77 ක පෞද්ගලික හොඳම කාලයකින් ජයග්‍රහණය කළ සෙවිල්, ජැමෙයිකාවේ කිෂාන් තොම්සන්ට දෙවැනි ස්ථානයට පත්කළ අතර, ජැමෙයිකානු ආධිපත්‍යයට නතු වු ධාවන පථයේදී ඔලිම්පික් ශුරයා වූ ඇමරිකාවේ නෝවා ලයිල්ස්ට ලෝකඩ පදක්කමකින් සෑහීමට පත් වීමට සිදුවුණා.

කාන්තා අවසන් මහාතරගයේදී ජැමෙයිකාව ටීනා ක්ලේටන්ගේ රිදී පදක්කම ලබාගත් අතර, ශාන්ත ලුසියා හි ඓතිහාසික ඔලිම්පික් ශූර ජූලියන් ඇල්ෆ්‍රඩ් ලෝකඩ පදක්කම දිනාගත්තා.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගැනීමෙන් පසු ලෝක ශුරතාව දිනා ගැනීමට ඇති ඇගේ ආශාවෙන් පෝෂණය වූ ජෙෆර්සන්-වුඩන්, විශිෂ්ට ක්‍රීඩා වාරයකින් පසු ටෝකියෝවට පැමිණියේ මෙම ඉසව්ව ජය ගනු ඇති බවට වූ මහත් විශ්වාසයක් ඇතිවයි.

අමෙරිකා එක්සත් ජනපදයේ මීටර් 4×100 සහය දිවීමේ කණ්ඩායමේ සාමාජිකාවක් ද ලෙස ජයග්‍රහණය භුක්ති විඳි ජෙෆර්සන්-වුඩන්, 2025 දී තෙවරක්ම වේගවත්ම කාලය වාර්තා කර තිබෙනවා.

එය ඇය අපේක්ෂා කළ රන් පදක්කම ගෙළ පැළඳුවා පමණක් නොව, ඉතිහාසයේ සිව්වන වේගවත්ම කාලය වාර්තා කරමින් අනාගතයේ ඇය යන දුර පිළිබඳ ඉඟියක්ද ලබාදුන්නා.

“මේක පුදුමාකාර අවුරුද්දක්. මම මේ මොහොත ගැන සිහින දකිමින් හිටියා,” ටෝකියෝවේ දී මීටර් 200 සහ සහාය දිවිමේ ඉසව් ද්විත්වයේද රන් පදක්කම අපේක්ෂා කරන ජෙෆර්සන්-වුඩන් පැවසුවා.

“මා මත පීඩනයක් එල්ල කර එය අධික බරක් ලෙස සලකනවා වෙනුවට, මම එය වැළඳ ගත්තා. අද දවස පුරාම මා ගැන, මගේ හැකියාවන්, මගේ පුහුණුකරු, මට දී ඇති ඉලක්කය සහ මගේ ඇදහිල්ල විශ්වාස කිරීම ගැන කතා කළා.”

ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසුව ඇයට ගෞරවයක් වශයෙන් දිනයක් නම් කළ, දකුණු කැරොලිනාවේ ජෝර්ජ්ටවුන් හි ඇගේ කුඩා නිජබිම වන නගරය මෙම අවස්ථාව සනිටුහන් කරන්නේ කෙසේදැයි ප්‍රශ්නාර්ථයකි.

ජැමෙයිකාවට යළි අභිමානය ගෙනා සෙවිල්

බෝල්ට් සතුටෙන් අත්පොළසන් නගද්දී ජාත්‍යන්තර මට්ටමේ අවසන් තරග කළමනාකරණය සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්න නිහඬ කරමින් සහ ද්ගු කලක අපේක්ෂාවෙන් සිටි ස්වරණමය මොහොතට එළැඹෙන්නට සෙවිල් සමත්වුණා.

“මෙම රන් පදක්කම දිනා ගැනීම මට සුවිශේෂ අවස්ථාවක්,” ඔහු පැවසුවා.

“ධාවන පථය සහ පිටිය මානසික හා ශාරීරික යන දෙකම වේ. නමුත්, අවංකව කිවහොත්, මම එහි මානසික කොටස ප්‍රගුණ කර ඇති බව මම සිතමි.

“අනෙක් අය වෙනත් දේවල් කරමින් කතා කරමින් සිටිති, නමුත් මම මා කෙරෙහි පමණක් අවධානය යොමු කරමි, ඒ නිසා මට මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවිය.”

හිටපු ලෝක ශුරයා වු ලයිල්ස්ට කිසි විටෙකත් රන් පදක්කම සඳහා තරඟ තිබුණේ නැහැ. ඒ වෙනුවට, අවසානය දක්වාම සෙවිල්ගේ බරපතළම අභියෝගය වූයේ තත්පර 9.75 ක හොඳම කාලයක් ලබා ගත් මේ වසරේ ලෝකයේ වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේම තොම්සන් පමණි.

ඉතිහාසයේ වේගවත්ම මීටර් 100 ධාවන තරඟය වූ පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සෙවිල් අවසන් ස්ථානයේ සිටි අතර, 2023 දී ලෝක ශූරතාවලියේ ඔහ්‍රට පදක්මක් අහිමි වුයේ තත්ත්පර දශම කිහිපයකිනි.

බෝල්ට්ගේ හිටපු පුහුණුකරු ග්ලෙන් මිල්ස්ගේ මගපෙන්වීම යටතේ, සෙවිල් මේ ලබා ගත් ජයග්‍රහණය මීටර් 100 ධාවන පථය යළි ජැමෙයිකානු ආධිපත්‍යයට නතු වීමේ ආරම්භය වනු ඇති.

World News

Send your contact Details Today