හිටපු ලෝක බොක්සිං ශූරයෙකු වන එක්සත් රාජධානියේ රිකී හැටන් ඊයේ (14) අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයන විට 46 හැවිරිදි වියේ පසු වූ රිකී හැටන්, වසර 15ක වෘත්තීය බොක්සිං ක්රීඩාවේ Light-welterweight සහ Welterweight ලෝක ශූරතා කිහිපයක්ම ජයග්රහණය කර තිබෙනවා.
වෘත්තීය තරග බිමේ තරග 48කට සහභාගි වී ඇති ඔහු ඉන් 45ක්ම ජයග්රහණය කර ඇති අතර එහි සුවිශේෂත්වය වන්නේ එම ජයග්රහණ අතරින් තරග 32කම ඔහු නොකවුට් ජයග්රහණ වාර්තා කර තිබීමයි.
රිකී හැටන් අවසන් වරට බොක්සිං තරගයකට සහභාගි වී තිබුණේ 2012 දීයි.
2012 දී වියචෙස්ලාව් සෙන්චෙන්කෝට පරාජය වීමෙන් පසු වළල්ලේ ඔහුගේ වෘත්තීය ජීවිතය අවසන් කළ නමුත් පසුව 2022 දී මාර්කෝ ඇන්ටෝනියෝ බැරේරාට එරෙහිව ප්රදර්ශන තරඟයක් සඳහා නැවත පැමිණියා.
‘ද හිට්මන්’ දෙසැම්බර් මාසයේදී ඩුබායි හි ඊසා අල් ඩාට එරෙහිව සටනක් සඳහා නැවත වළල්ලට පැමිණීමට නියමිතව තිබුණා.