ලන්ඩන් පබ් එකකදී ලිංගික අතවර සහ මත්පැන් පානය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙට්‍රොපොලිටන් පොලිස් සේවය සිකුරාදා එක්සත් රාජධානියේ මාධ්‍ය වෙත තහවුරු කළේ, පොලිසියට ජූනි මාසයේදී වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
චෝදනා එල්ල වූ සිද්ධිය මැයි 22 වන දින ලන්ඩනයේ ස්ථානයකදී සිදු වූ බවයි වාර්තා වන්නේ.
කාන්තාවන් දෙදෙනෙකුට පහර දී ඇති බවත් එක් අයෙකුට ලිංගික අතවර කර ඇති බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.
ජූනි 5 වන බ්‍රහස්පතින්දා වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු සම්මුඛ සාකච්ඡාවට ලක් කරන ඇති අතර විමසීම් අඛන්ඩව ක්‍රියාත්මක වන බව සඳහන්.
මේ වන විට කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ක්‍රිකට් ක්‍රීඩකයා ප්‍රසිද්ධියේ තවමත් නම්කර නැහැ.