Latest News

මියන්මාර සයිබර් කඳවුරුවල සිටින තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ගැන අනාවරණයක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තවත් ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් යොදවා සිටින බවට තොරතුරු ලැබී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

සංචාරක වීසා මත රැකියා සඳහා ගිය පිරිසක් එලෙස සයිබර් අපරාධ සඳහා යොදවා ඇති බවයි එම අමාතයංශය පැවසුවේ.

මියන්මාරයේ තායිලන්ත දේශසීමාවේ පිහිටා ඇති එම ප්‍රදේශය ගූගල් සිතියමේ හදුන්වා ඇත්තේ සයිබර් ක්‍රිමිනල් ඒරියා හෙවත් සයිබර් අපරාධ ප්‍රදේශය ලෙසයි.

මියන්මාරයේ මියාවෙඩ්ඩි නගරයේ සිට කිලෝ මීටර් 25 ක් දුරින් පිහිටා ඇති එම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම පවතින්නේ ත්‍රස්ත කණ්ඩාමක් ග්‍රහණයේයී.

මීට පෙරද එම ප්‍රදේශයේ සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දැඩි පරිශ්‍රමයකින් මුදාගැණුනා.

පරිගණක ක්ෂේත්‍රයේ රැකියා ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් එලෙස විදෙස් ගතවී ඇත්තේ, සංචාරක වීසා මගින්.

World News

Send your contact Details Today