Latest News

හැරී කුමරු සහ මේගන්, කොලොම්බියානු උප ජනාධිපතිනිය හමුවෙයි (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හැරී කුමරු සහ මේගන් ඊයේ (15) කොලොම්බියානු උප ජනාධිපතිනිය හමුව තිබෙනවා.

ඒ ඔවුන්ගේ දින හතරක කොලොම්බියා සංචාරය අතරතුරයි.

එහිදී උප ජනාධිපතිනි ෆ්‍රැන්සියා මාකේස් විසින් හැරී කුමරුට සහ මේගන්ට ඇගේ නිල නිවසට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ නමුත් මෙම සංචාරය සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා .

ඒ, සංචාරයට අරමුදල් සපයන්නේ කවුරුන්ද යන්න තහවුරු නොකිරීම නිසාවෙන් බවයි සඳහන් වන්නේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ෆ්‍රැන්සියා මාකේස් සඳහන් කර තිබුණේ, එම සංචාරය සයිබර් හිරිහැර කිරීම, මාර්ගගත ඩිජිටල් ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීමට එරෙහිව සහ කොලොම්බියාවේ කාන්තා නායකත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් “ඉතා විශේෂ සංචාරයක්” වන බවයි.

World News

Send your contact Details Today