Latest News

ටෝකියෝ නුවර ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ ටෝකියෝ නුවර ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

අධික වර්ෂාපතනයත් සමග මෙම ගංවතුර තත්ත්වය හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අධික සුළං තත්ත්වය හේතුවෙන් වරායක ගොඩගසා තිබු බහාලුම් කිහිපයක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ටෝකියෝහි ප්‍රවාහන සේවා ද අඩාල වී ඇති අතර, පුද්ගලයින් 100,000ක් පමණ පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

ඉදිරි දින කිහිපයේදී ටෝකියෝවේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100කට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව එරට කාලගුණ අංශ දැනුම් දී තිබෙනවා.

World News

Send your contact Details Today