යුක්‍රේන යුද්ධය අතරතුර ඉකුත් දා රුසියානු ඩ්‍රෝන යානා කිහිපයක් පෝලන්තයේ ගුවන් සීමාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ පෝලන්තය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි වෙත දුරකතනයෙන් අමතා ඇති බවයි.
එහිදී ඔහු පෝලන්තයේ ආරක්ෂාවට බලපාන මෑත වර්ධනයන් පිළිබඳව ඉන්දියාවේ කනස්සල්ල පළ කර තිබෙනවා.
සංවාදය අතරතුර අමාත්‍ය ජයිශංකර් යුක්රේන ගැටුම සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය නැවත අවධාරණය කර තිබෙනවා.
එහිදී ඔහු පවසා ඇත්තේ ඉන්දියාව සතුරුකම් ඉක්මනින් අවසන් කිරීමට සහ අර්බුදයට කල්පවත්නා විසඳුමක් සඳහා අඛණ්ඩව සහාය දෙන බවයි.
CNN පුවත් සේවයට අනුව, යුක්‍රේනයට එල්ල වූ රුසියානු ප්‍රහාරයක් අතරතුර තම ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානා බිම හෙළූ බව පෝලන්ත හමුදාව තහවුරු කිරීමෙන් දිනකට පසුව මෙම දුරකතන සාකච්ඡාව සිදුව තිබෙනවා.
යුරෝපයට සහ නේටෝවට වඩා පුලුල් උත්සන්න වීමේ බිය මතු කරමින් යුක්‍රේන යුද්ධය අතරතුර පෝලන්තය රුසියානු ඩ්‍රෝන යානයක් බිම හෙලූ පළමු අවස්ථාව එය වුණා.