Latest News

ASIA CUP 2025: ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය පැවැත්වෙන දිනය මෙන්න

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ලබන සෙනසුරාදා (13) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව “B” කාණ්ඩයෙන් තරග වදින අතර, පළමු තරගයේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශයයි.

මේ අතර ආසියානු කුසලානයේ විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ජනිත් ලියනගේ කැඳවා තිබෙනවා.

තරගාවලිය ආරම්භ වීමට පෙර පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මේ බව ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

2025 ආසියානු කුසලාන තරඟාවලිය ලබන 28 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.

ඉන්දීයාව, පකිස්ථානය, සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය A කාණ්ඩය යටතේ තරග කරන අතර B කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, හොංකොං සහ බංග්ලාදේශය ඇතුළත්.

World News

Send your contact Details Today