නව ප්‍රංශ අගමැති ලෙස සෙබස්තියන් ලෙකෝර්නු නම් කර තිබෙනවා.
විශ්වාසභංග යෝජනාවකින් පැය 24කට පසු මෙම නම් කිරීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
39 හැවිරිදි ලෙකෝර්නු, යුක්රේනයේ රුසියාවේ යුද්ධයට ප්‍රංශයේ ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමු කරමින්, පසුගිය වසර තුන සන්නද්ධ හමුදා අමාත්‍යවරයා ලෙස ගත කර තිබෙනවා.
ප්‍රංශයේ ඊළඟ අයවැය සම්මත කර ගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂවල සමග සාකච්ඡා කිරීමේ කාර්යය මැක්‍රොන් ජනාධිපති ධුරයේ හත්වන අගමැති ලෙකෝර්නුට පවරා ඇති බව එලිසී මාලිගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ලෙකෝර්නුගේ පත්කිරීම වාමාංශික සහ අන්ත දක්ෂිණාංශික විරුද්ධවාදීන් හෙළා දකින බවයි විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා ඇත්තේ.