Tesla විසින් සිදුකළ Full Self-Driving පරීක්ෂණයක් වික්ටෝරියා රජය අනුමත කර නොමැති බව වාර්තා වනවා.
රජය අවධාරණය කරන්නේ Self Driving අත්හදා බැලීම් ආරක්ෂිතව සිදු කිරීම සහතික කිරීම සඳහා ප්‍රවාහන හා සැලසුම් දෙපාර්තමේන්තුවේ විශේෂ බලපත්‍රයක් අවශ්‍ය වන බවයි.
වික්ටෝරියා නීතිය යටතේ එම බලපත්‍රයක් රහිතව කිසිදු Self Driving වාහන පරීක්ෂණයක් අනුමත නොකරන බවයි රජය සදහන් කරන්නේ.
UT Robotics මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Michael Milford පැවසුවේ පසුගිය මාසයේ X මාධ්‍යයෙහි පළ කළ ටෙස්ලා Self Driving වීඩියෝවේ එම වාහනය මහජනතාවට ඉතා ආසන්නයෙන් ධාවනය වූ බවයි.
ඒ හේතුවෙන් අනතුරක් වළක්වා ගැනීමට රියදුරුට ඉක්මනින්ම මැදිහත් වීමේ අවස්ථාව අවම බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.
ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ ඇතැම් ප්‍රාන්ත වල රියදුරන්ට අවම වශයෙන් එක් අතක් සුක්කානම මත තබා ගත යුතු ලෙස නීති තිබෙන අතර ටෙස්ලා Self Driving එම නීති වලට පටහැනි වන බවයි.