Latest News

සමාජ මාධ්‍ය තහනම ගැන නේපාලය ගත් අලුත්ම තීරණය ප්‍රකාශයට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සමාජ මාධ්‍ය ජාලා සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට නේපාල රජය පියවර ගෙන තිබෙනවා.

ඒ, එම තහනමට එරෙහිව නේපාල වැසියන් ආරම්භ කළ විරෝධතා ප්‍රචණ්ඩ ගැටුම්කාරී තත්වයක් දක්වා වර්ධනය වීමෙන් අනතුරුවයි.

Z පරම්පරාව (Gen Z) ලෙස හඳුන්වාගත් විරෝධතාකරුවන් කළ ඉල්ලීමක් ඊයේ දහස් ගණනක් ජනතාව කත්මණ්ඩුහි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසලට රැස්වුණා.

විරෝධතා උත්සන්න වීමත් සමග විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් හට ගත් අතර එහි ප්‍රතිපලයක් ලෙස පුද්ගලයන් 19 දෙනකුගේ මියගොස් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබුණා.

මෙම තත්වය හමුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ ගත් තීරණයකින් නේපාල රජය සමාජ මාධ්‍ය ජාලා සඳහා වූ තහනම ඉවත් කළා.

නේපාලයේ සන්නිවේදන, තොරතුරු සහ විකාශන අමාත්‍ය Prithvi Subba Gurung නිවේදනය කළේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට රජය කළින් ගත් තීරණය ඉවත් කර ගත් බවයි.

“Gen-Z හි ඉල්ලීමට විසඳුම් ලබාදීමෙන් සමාජ මාධ්‍ය විවෘත කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත,” හදිසි කැබිනට් රැස්වීමකින් අනතුරුව අමාත්‍යවරයා පැවසුවා.

කෙසේවෙතත්, සමාජ මාධ්‍ය වේදිකා වසාදැමීමට රජය කලින් ගත් තීරණය පිළිබඳ රජය කිසිවිටෙකත් පසුතැවිලි නොවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

“මෙම ප්‍රශ්නය කඩතුරාවක් කරගනිමින් විරෝධතා ක්‍රියාත්මක වන බැවින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි යළි විවෘත කිරීමට තීරණය කළා” ඔහු පැවසුවා.

එමෙන්ම අමාත්‍යවරයා ‘Gen Z’ කණ්ඩායමෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ විරෝධතාව නවත්වන ලෙසයි.

එදින සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සොයාබැලීමට කැබිනට් මණ්ඩලය පරීක්ෂණ කමිටුවක් ද පත් කර තිබෙන අතර වාර්තාවක් සකස් කිරීමට දින 15ක කාලයක් ලබාදී තිබෙනවා.

නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ලියාපදිංචි වීමට ලබාදුන් කාලසීමාව තුළ එය සිදුනොකිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය වේදිකා 26ක් අවහිර කිරීමට එරට බලධාරීහු පසුගිය සතියේ නියෝග කළා.

ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මාර්ගගත වංචා මැඩපැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා නියාමනය කළ යුතු බවට නේපාල රජය පවසා තිබුණා.

World News

Send your contact Details Today