Latest News

2025 ආසියානු කුසලානය අද අබුඩාබිහිදී ඇරඹේ

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද (09) අබුඩාබිහිදී ආරම්භ වනවා.

මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ගණන 08 ක්.

ඒ, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, සහ හොංකොං.

එහි මූලික වටයේදී A සහ B ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වෙනවා.

ඉන්දියාව, ඕමානය, පකිස්ථානය සහ එක්සත් අරාබි එමිර් කණ්ඩායම් ඒ කාණ්ඩයට ඇතුළත්.

ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරග කරන අතර එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් වන්නේ ඇෆ්ගනිස්ථානය , හොංකොං සහ බංග්ලාදේශයයි.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය සමග ලබන 13 වැනිදා අබුඩාබිහීදී පැවැත්වෙනවා.

තරගාවලිය ආරම්භ කරමින් අද (09) පළමු තරගය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථාන සහ හොංකොං කණ්ඩායම් අතරයි.

එම තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අද රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today