Latest News

ට්‍රම්ප්ගේ අවසන් අනතුරු ඇඟවීමෙන් පසුව හමාස් සංවිධානය දැක් වූ ප්‍රතිචාරය

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හමාස් සංවිධානයට කරන ලද අවසන් අනතුරු ඇඟවීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා ගිවිසුම ද කඩිනමින් තීරණාත්මක තැනකට පැමිණෙනු ඇති බවට පවසා තිබෙනවා.

සිය සමාජ ජාල ගිණුම ඔස්සේ තර්ජනාත්මකව ට්‍රම්ප් කළ ‘අවසන් අනතුරු ඇඟවීමට’ මේ වනවිට ප්‍රතිචාර ලැබී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

‘අපි ඉතා හොඳ විසඳුමක් ගැන සාකච්ඡා කරමින් ඉන්නේ’ යැයි ගාසා ගැටලුව ගැන පැවසූ ට්‍රම්ප් ඒ පිළිබඳ වැඩිදුර විස්තර හෙළිකිරීමෙන් වැළකී සිටියා.

‘ඔයගොල්ලන්ට ඒ ගැන ඉක්මනින්ම අහන්න ලැබේවි. අපි උත්සාහ කරන්නේ මේක ඉවරයක් කරන්න. ආපහු ප්‍රාණ ඇපකරුවන් නිවාසවලට ගේන්න’ ට්‍රම්ප් පැවසුවා.

ට්‍රම්ප් දැඩි තර්ජනාතක්මක ස්වරයෙන් ඊයේ අනතුරු අඟවා තිබුණේ තමාගේ කොන්දේසිවලට ඊශ්‍රායලය එකඟ වූ බවත් හමාස් සංවිධානයට කිසිදු කරුණු දැක්වීමකින් තොරව ගිවිසුම් කොන්දේසි පිළිගන්නා ලෙසයි.

මෙම තර්ජනයෙන් පසුව හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබුණේ ගාසාවේ සටන්විරාම ගිවිසුමක් සඳහා අමෙරිකාව පැත්තෙන් ආ ඇතැම් අදහස් පිළිබඳ සාකච්ඡා මට්ටමේ පවතින බවයි. නමුත් එමගින් ද ගිවිසුම් එකඟත්වයක් ගැන ප්‍රකාශ වූයේ නැහැ.

හමාස් සංවිධානය සිය ප්‍රකාශය මගින් ‘යුද්ධය අවසන් කරන බවට පැහැදිලි ප්‍රකාශයක්’සහ ඊශ් රායල හමුදා මුළුමනින්ම එම ප් රදේශයෙන් ඉවත් කර ගැනීම වෙනුවට සියලු ප් රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන සාකච්ඡා සඳහා සූදානම් බව ද අවධාරණය කර තිබෙනවා.

‘අපේ ජනතාවට එරෙහි ගැටුම් නවත්වන්න දරන ඕනෑම උත්සාහයක් හමාස් පිළිගන්නවා’ හමාස් සංවිධානය පවසා තිබුණා. සාකච්ඡා මේසයේ වාඩිවීමට සූදානම් බවයි හමාස් සංවිධානය පවසන්නේ.

පලස්තීන කණ්ඩායම යටතේ ඊ්‍ශායල ප්‍රාණ ඇපකරුවන් 48ක් පමණ සිටිනවා. මියගිය ප්‍රාණඇපකරුවන්ගේ අයගේ දේහ හෝ යළි බාරගැනීමටයි ඊශ්‍රායලය බලාපොරොත්තුවෙන් වන්නේ.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරිම පිළිබඳ සාකච්ඡා කිරිමට හමාස් සංවිධානය ද එකඟත්වය පළකරනවා.

ඊශ්‍රායල -ගාසා ගැටුමට දැනට මාස 23ක් පමණ ගතවී අවසන්.

World News

Send your contact Details Today