Latest News

WhatsApp පණිවිඩයක් නිසා මුම්බායි නගරයේ කලබලයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ මුම්බායි නගරයේ අද දිනයේ පැවැත්වීමට නියමිත ගනේෂ් දෙවිඳුන් සැමරීමේ උළෙල ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට පළවන පුවතක් සමඟින් මේ වන විට මුළු මහත් මුම්බායි නගරයම භීතියට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ නගරයේ ස්ථාන 34ක මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහිතව වාහන ස්ථානාගත් කර තිබෙන බවට WhatsApp ඔස්සේ ලද තොරතුරක් මත නගරයේ ආරක්ෂාව දැඩි කර ඇති බවයි.

අද දිනයේ පැවැත්වීමට නියමිත මෙම ගනේෂ් දෙවිඳුන් සැමරීමේ උළෙල මුම්බායි නගරයේ විශාලතම ආගමික උත්සවයක් වන අතර ඒ සඳහා විශාල ජනකායක් පැමිණීමට නියමිතව තිබුණා.

මෙම WhatsApp පණිවුඩය ලැබී ඇත්තේ මුම්බායි රථවාහන පොලිසියේ දුරකතන අංකය වෙතට වන අතර එහි හෙට පැවැත්වෙන උළෙලේ අවසන් සමාප්ති උත්සවයේදී කිලෝග්‍රෑම් 400ක බරින් යුත් පුපුරණ ද්‍රව්‍ය මිනිස් බෝම්බ ලෙස පුපුරුවා හැරීමට නියමිත බවත් එලෙස බෝම්බ පිපිරී යාමෙන් මිනිස් ජිවිත කෝටියකට අධික ප්‍රමාණයකට ජිවිත හානි සිදු විය හැකි බව සඳහන් වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

World News

Send your contact Details Today