Latest News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අනර්ථයක් සිදු කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 අගභාගයේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඝාතනය කිරීමේ සැලැස්මකට සහභාගී වූ බවට සැකපිට ඉස්ලාමීය රාජ්‍ය (ISIS) සටන්කාමීන්ගේ එම රටේ ශාඛාවට අයත් තුර්කි ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉතාලි පොලිසිය පවසනවා.

ඒ අනුව 2024 ජූලි මාසයේදී ට්‍රයිස්ටේ වෙත ගිය අවස්ථාවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයක කොටසක් ලෙස, 46 හැවිරිදි හසන් උසුන් නම් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වන විට එම පුද්ගලයා ස්ලෝවේනියාවට මායිම්ව පිහිටි ඊසානදිග ඉතාලි වරාය නගරයේ හුදකලා සිරකඳවුරක රඳවා තිබෙන බව සඳහන්.

විමර්ශනවලට අනුව, ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ ISIS කොරාසන් හා සම්බන්ධ තුර්කි සංවිධානයක් විසින්.

World News

Send your contact Details Today