Latest News

සයිබර් ප්‍රහාර සඳහා භාවිතා කරන නවතම ආයුධය ගැන අමෙරිකාවෙන් අනාවරණයක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තම තාක්ෂණය හැකර්වරුන් විසින් නවීන සයිබර් ප්‍රහාර සිදු කිරීම සඳහා ආයුධයක් කරගෙන ඇති බව අමෙරිකානු කෘත්‍රිම බුද්ධි (AI) සමාගමක් වන ඇන්ත්‍රොපික් පවසනවා.

චැට්බෝට් ක්ලෝඩ් බුද්ධි මෙවලමේ නිර්මාණකරුවන් වන ඇන්ත්‍රොපික් පවසන්නේ සිය මෙවලම් හැකර්වරුන් විසින් මහා පරිමාණයේ සොරකම් කිරීමට සහ පෞද්ගලික දත්ත සම්බන්ධ කප්පම් ගැනීම සඳහා භාවිත කර ඇති බවයි.

සයිබර් ප්‍රහාර සිදු කරන කේත ලිවීමට උදව් ලබා ගැනීම සඳහා තම AI භාවිත කර ඇති බව සමාගම පැවසූ අතර, තවත් අවස්ථාවක, උතුරු කොරියානු වංචාකරුවන් ඉහළ පෙළේ එක්සත් ජනපද සමාගම්වල දුරස්ථ රැකියා වංචනික ලෙස ලබා ගැනීමට ක්ලෝඩ් භාවිත කර ඇති බව ද සඳහන් කළා.

එවැනි තර්ජන කරන ක්‍රියාකාරීන්ට බාධා කිරීමට හැකි වූ බවත්, සිය හඳුනාගැනීමේ මෙවලම් වැඩිදියුණු කිරීමත් සමඟ එවැනි සිදුවීම් පිළිබඳ බලධාරීන්ට වාර්තා කර ඇති බවත් ඇන්ත්‍රොපික් පවසනවා.

ඇන්ත්‍රොපික් පවසන්නේ එවැනි කම්පන සහගත අනවසරයෙන් ඇතුළුවීමේ සිද්ධියක් අනාවරණ වූ අතර එහිදී රජයේ ආයතන ඇතුළුව අවම වශයෙන් විවිධ සංවිධාන 17කට අනවසරයෙන් ඇතුළු විය හැකි කේත ලිවීමට හැකර්කරුවන් AI භාවිත කර බවයි.

එමෙන්ම සමාගම පැවසුවේ හැකර්වරුන් පෙර නොවූ විරූ මට්ටමකට AI භාවිත කර ඇති බවයි.

කුමන දත්ත ඉවත් කළ යුතුද යන්න තීරණය කිරීම සහ මනෝවිද්‍යාත්මකව ඉලක්ක කරගත් කප්පම් ඉල්ලීම් සකස් කරන්නේ කෙසේද යන්න වැනි උපායශීලී සහ උපායමාර්ගික තීරණ ගැනීමට ඔවුන් ක්ලෝඩ් භාවිත කර තිබෙනවා.

එමගින් වින්දිතයන් සඳහා කප්පම් මුදල් පවා යෝජනා කර තිබෙනවා.

සයිබර් අපරාධ සහ AI පිළිබඳ උපදේශකවරියක් වන ඇලිනා ටිමෝෆීවා පවසන්නේ අද වන විට AI භාවිතය යන්නෙන් අදහස් කරන්නේ ‘සයිබර් ආරක්ෂණ අවදානම් සූරාකෑමට අවශ්‍ය කාලය වේගයෙන් හැකිලෙමින් පැවතීම’යන්න බවයි.

“හානියක් සිදු වූ පසු ප්‍රතික්‍රියාශීලී වීම වෙනුවට අනාවරණය සහ අවම කිරීම සඳහා ක්‍රියාශීලී සහ වැළැක්වීමේ පියවරට මාරු විය යුතුයි,” යනුවෙන් ඇය පැවසුවා.

නමුත් තාක්‍ෂණය භාවිතා කරනු ලබන්නේ සයිබර් අපරාධ සඳහා පමණක් නොවේ.

ඇන්ත්‍රොපික් පැවසුවේ උතුරු කොරියානු ක්‍රියාකාරීන් එක්සත් ජනපද තාක්ෂණික සමාගම්වල දුරස්ථ රැකියා සඳහා අයදුම් කිරීමට ව්‍යාජ පැතිකඩ නිර්මාණය කිරීමට එහි ආකෘති භාවිත කර ඇති බවයි.

සමාගම් පද්ධති වෙත ප්‍රවේශය ලබා ගැනීම සඳහා දුරස්ථ රැකියා භාවිත කිරීම කලක සිට දන්නා කරුණක්.

වංචා යෝජනා ක්‍රමයේ AI භාවිත කිරීම මෙම රැකියා වංචා සඳහා මූලික වශයෙන් නව අවධියක් බව ඇන්ත්‍රොපික් පවසනවා.

රැකියා අයදුම්පත් ලිවීමට AI භාවිත කර ඇති බවත්, වංචාකරුවන් සේවයේ යොදවා ගත් පසු, පණිවිඩ පරිවර්තනය කිරීමට සහ කේත ලිවීමට එය භාවිත කර ඇති බවත් එහි සඳහන්.

“AI යනු වෙනත් ඕනෑම ආකාරයක ගබඩා පද්ධතියක් මෙන් ආරක්ෂාව අවශ්‍ය රහස්‍ය තොරතුරු ගබඩාවක් බව සංවිධාන තේරුම් ගත යුතුයි,” යනුවෙන් සයිබර් ආරක්ෂණ සමාගමක් වන Black Duck හි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක නිවේදිතා මූර්ති පැවසුවා.

World News

Send your contact Details Today