Latest News

ඉන්දියාව වෙනුවෙන් දෙවන වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා IPL තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් සමුගනියි

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව වෙනුවෙන් දෙවන වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා (කඩුලු 537) වන විශිෂ්ඨ දඟ පන්දු යවන්නෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ රවිචන්ද්‍රන් අශ්වින් IPL තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් සමුගෙන තිබෙනවා.

ඉන්දියාවෙන් පිටත විදේශයන්හි පැවැත්වෙන ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමේ අරමුණ ඇතිව තමන් මෙම තිරණය ගත් බවට ඔහු පවසනවා.

2009 වර්ෂයේ සිට අඛණ්ඩව වසර 07ක් පුරාවට චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් තරග වැදි ඔහු එම වසර 07 තුළ දෙවරක්ම ශුරතාවය දිනා ගැනීම සඳහා සහය වුණා.

එමෙන්ම 2018 සහ 2019 යන වර්ෂවලදී පන්ජාබ් කිංග්ස් මෙහෙයවීමේ වගකීම ද ඔහුට හිමිව තිබුණා.

ඊට අමතරව රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන්ද ක්‍රීඩා කර තිබෙන අශ්වින් තම අවසන් IPL තරගවාරයද (2025) නියෝජනය කළේ සිය ආරම්භක කණ්ඩායම වූ චෙන්නායි සුපර් කිංග්ස් වීම විශේෂත්වයක්.

අවසන්වරට පැවති ඕස්ට්‍රේලියානු තරග සංචාරයෙන් තම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සමුගැනීම නිවේදනය කළ ඔහුව මින් ඉදිරියට ලෝකයේ පුරාවට පැවැත්වෙන ලීග් තරගාවලි තුළින් ප්‍රේක්ෂකයන්ට දැක බලා ගත හැකි බවට ක්‍රිකට් විචාරකයින් පවසනවා.

World News

Send your contact Details Today