සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, කමාන්ඩෝ සලින්ත ඇතුළු පස්දෙනෙක් ඉන්දුනීසියාවේ දී, ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදීයී.
මෙම අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනාට අමතරව කාන්තාවක් ද අත්අඩංගුවට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව අත්අඩංගුවට ගැනුණු අපරාධ කල්ලි සාමාජිකයින් කඩිනමින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු. වුට්ලර් පැවසුවේ.