මීටර් 100කට වඩා ලකුණු රැස්කර ඇති විටෙක 6 පහරක් එල්ල කරන ක්‍රිකට් ක්‍රීඩකයකුට ලකුණු 12ක් ලබා දිය යුතු බව එංගලන්ත පිළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ කෙවින් පීටර්සන් යෝජනා කරනවා.
මේ වනවිට ක්‍රිකට් පිටියේ එක් පහරකින් රැස්කර ගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය ලකුණු 6ක්.
මීට පෙර ද මෙම යෝජනාව කර තිබූ ඔහු සිය සමාජ ජාල ගිණුම ඔස්සේ පවසා තිබුණේ ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.
“මීටර් 100කට එහා හයේ පහරක් එල්ල කරන ක්‍රීඩකයකුට ලකුණු 12ක් ලබා දුන්නොත් පිතිකරුවන් එම කඩඉම තරණය කිරීමට උපරිම උත්සාහ කරාවි. එවගේම මේ තුළින් ක්‍රීඩාලෝලීන්ට වැඩි විනෝදාස්වාදයක් ලැබේවි” යනුවෙන්ද පීටර්සන් සඳහන් කර තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වී වසර 138ක් ගතවී ඇති අතර මුලදී පැවති ඇතැම් නීති මේවනවිට සංශෝධනය වී තිබෙනවා.