Latest News

සිම්බාබ්වේ ක්‍රිකට් තහනමකට ලක් වූ ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකාවට එරෙහි එක් දින සංචිතයට නම් කරයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව අගෝස්තු 29 සහ 31 යන දිනවල හරාරේ ක්‍රීඩා සමාජයේදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර (ODI) තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.

මෙම සංචිතයේ විශේෂත්වය වන්නේ හිටපු කඩුලු රකින පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර් වසර හතරකට ආසන්න කාලයකට පසු එක්දින ජාත්‍යන්තර කණ්ඩායමට යළි කැඳවීමයි.

බ්‍රෙන්ඩන් ටේලර්, 2021 සැප්තැම්බර් මාසයේදී අයර්ලන්තයට එරෙහි තරගයකින් පසු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වූ අතර, ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් හේතුවෙන් ඔහුගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.

කෙසේ වුවත්, ඔහු මෑතකදී නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගයකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට යළි පිවිසි අතර, මෙවර එක්දින තරගාවලිය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට එක්ව තිබෙනවා.

ඔහුගේ පළපුරුද්ද සහ තරග ජයග්‍රාහී හැකියාවන් කණ්ඩායමට විශාල ශක්තියක් එක් කරනු ඇති බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවේ සභාපති ඩේවිඩ් මුටෙන්ඩෙරා පවසා ඇත්තේ.

ඒ අනුව සිම්බාබ්වේ සංචිතය පහත පරිදි වනවා…

ක්‍රෙග් අර්වින් (නායක), බ්‍රයන් බෙනට්, ජොනතන් කැම්බල්, බෙන් කරන්, බ්‍රැඩ් එවන්ස්, ට්‍රෙවර්, ග්වන්ඩු, වෙස්ලි මධේවරේ, ක්ලයිව් මදන්දේ, අර්නස්ට් මසුකු (නවක)ටෝනි, මුන්යොන්ගා, බ්ලෙසින් මුසරබානි, රිචඩ් එන්ගරවා, නිව්මන් න්‍යම්හුරි, සිකන්දර් රාසා, බ්‍රෙන්ඩන් ටේලර්, ෂෝන් විලියම්ස්

World News

Send your contact Details Today