යුක්‍රේන හමුදාව සමඟින් සටන් කරමින් සිටිය දී අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වූ ඉතාලි ස්වේච්ඡා සේවකයෙකු වන ලූකා සෙකා මියගොස් තිබෙන බවට තහවුරු වී තිබෙනවා.
2024 සිට ඔහු පිළිබඳ කිසිඳු පුවතක් වාර්තා වී නොතිබුණ අතර ඔහුගේ මරණය පිළිබඳ පුවත, යුක්‍රේනයේ මියගිය විදේශිකයන් සිහිපත් කරන Facebook පිටුවක වාර්තා කර තිබුණා.
ලූකා සෙකා වසර 34 කට පෙර රෝමයේ උපත ලැබූ අතර 2024 දෙසැම්බර් සිට නිල වශයෙන් අතුරුදහන් වී සිටියා.
ඩොනෙට්ස්ක් හි සටන් කරමින් ඔහු මිය ගිය බවයි වෙනත් මූලාශ්‍ර වාර්තා කරන්නේ.
යුක්‍රේන යුද්ධයෙන් මියගිය නවවන ඉතාලි ජාතිකයා ඔහු ලෙසයි වාර්තා වන්නේ.
